බම්බලපිටියේදී දුම්රියක ගැටීමෙන් ඉන්දීය ජාතික මලල ක්‍රීඩකයෙකු මරුට

බම්බලපිටියේදී දුම්රියක ගැටීමෙන් ඉන්දීය ජාතික මලල ක්‍රීඩකයෙකු මරුට

බම්බලපිටියේදී දුම්රියක ගැටීමෙන් ඉන්දීය ජාතික මලල ක්‍රීඩකයෙකු මරුට

කර්තෘ Hashini De Mel

23 Oct, 2017 | 4:06 pm

බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතරදී දුම්රියේ ගැටීමෙන් ඉන්දීය මලල ක්‍රීඩකයෙකු අද පස්වරුවේ මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු වෙළෙඳසේවා අන්තර් මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගිවීම සඳහා මීට දින 10කට පෙර දිවයිනට පැමිණ ඇති බවයි.

තරගාවලිය නිමවා අද ඔහු සිය රට බලා යෑමට නියමිතව තිබියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.

තේ මිලදී ගැනීම සඳහා වෙළෙඳසැලක් වෙත ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 40 – 45 ත් අතර අයෙකි.

මෘත ශරීරය බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මේ වන විට තැන්පත් කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]