“පළාත් පාලන ඡන්දය ජනවාරි පැවැත්වීමට නම් මේ මස අවසානයට පෙර සභික සංඛ්‍යාව ගැසට් කළ යුතුයි” – මැතිවරණ කොමිසම

“පළාත් පාලන ඡන්දය ජනවාරි පැවැත්වීමට නම් මේ මස අවසානයට පෙර සභික සංඛ්‍යාව ගැසට් කළ යුතුයි” – මැතිවරණ කොමිසම

කර්තෘ Hashini De Mel

23 Oct, 2017 | 9:28 pm

ලබන 31 වන දා ට පෙර පළාත් පාලන ආයතනවලට අදාළ සභික සංඛ්‍යාව ගැසට් කළහොත් ජනවාරි මාසය තුළ පළාත් පාලන ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම පවසා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස්, සමන් ශ්‍රී රත්නායක,

[quote]දැන් අපි බලාපොරොත්තුවෙනවා මේ මාසේ අවසන් වීමට පෙර පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා විසින් ඒ අදාළ සභික සංඛ්‍යාව දෙන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරයි කියලා. ප්‍රකාශයට පත් කළොත් අපිට පුළුවන්වෙනවා අනිවාර්යයෙන්ම ජනවාරි මාසේ වෙනකොට පළාත් පාලන මැතිවරණ කටයුතු පැවැත්වීමට. මේවන විටත් පළාත් පාලන මැතිවරණ සඳහා අවශ්‍ය මුලික කටයුතු සියල්ල සිදු කරමින් පවතින්නේ. මැතිවරණ කොමිෂන් සභාවත් ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් ඒ සඳහා අවශ්‍ය මුලික කටයුතු අවසන් කරමින් සිටිනවා. පහුගිය දොළොස්වෙන දා ඡන්ද ඡන්දහිමි නාම ලේඛනයේ සහතික කිරීම කළා. ඒ අනුව 2017 ඡන්ද හිමි නාම ලේඛනයේ තමයි ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා තියෙන්නේ. [/quote]