“ප්‍රදේශ රැසකින් ඊයේ ඇසුණු දැඩි ශබ්දය හා ආලෝකය ෆයර් බෝල් වර්ගයේ උල්කාෂ්මයක්” – අචාර්ය චන්දන ජයරත්න

“ප්‍රදේශ රැසකින් ඊයේ ඇසුණු දැඩි ශබ්දය හා ආලෝකය ෆයර් බෝල් වර්ගයේ උල්කාෂ්මයක්” – අචාර්ය චන්දන ජයරත්න

කර්තෘ Hashini De Mel

19 Oct, 2017 | 6:20 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ ඇසුණු දැඩි ශබ්දය හා ආලෝකය ෆයර් බෝල් වර්ගයේ උල්කාෂ්මයක් හේතුවෙන් සිදුවූවක් විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ අචාර්ය චන්දන ජයරත්න මහතා පවසා තිබේ.

ඊයේ රාත්‍රී 8.00ට පමණ පිපිරුම් හඬක් සමග මෙම අලෝකය දැකගත හැකි වූ බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළහ.

මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි.

මේ අතර හම්බන්තොට ජනතාවටද මෙය දැනී ඇති බව ඔවුන් පැවසූහ.

අප වාර්තාකරු පැවසුවේ, අනුරාධපුර, ඇඹිලිපිටිය, ගාල්ල, වැනි ප්‍රදේශවලට ද මෙය දැනී ඇති බවයි.

අප කළ විමසීමකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මෙය භූ චලනයක් හේතුවෙන් මතු වූ ශබ්දයක් නොවන බව තහවුරු වී ඇති බවයි.