English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
19 Oct, 2017 | 8:26 pm
ජනතාව ප්‍රකාශ කළේ, ඊයේ රාත්‍රී 8.00ට පමණ මෙය දිස්වූ බව ය.
රාත්‍රී අහසේ ඊයේ දිස්වූ බව කියන ආකාශ වස්තුව යැයි සැලකෙන දර්ශනයක් අප වෙත ලැබී තිබේ.
කෙසේ වෙතත් මේ දර්ශනය එම අකාස වස්තුව බවට තහවුරු කළ හැකි සාධක ලැබී නොමැත.
එම අවස්ථාවේ මුහුදේ සිටි ධීවරයින් අද උදෑසන සන්නිවේදන උපකරණ මගින් සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳව විමසීමක් කළේ ය.
දිවයිනේ බස්නාහිර සහ දකුණු ප්‍රදේශයේ ජනතාව මෙය බහුලව දැක තිබුණු අතර එම කලාපය හරහා ගමන් කර ඇති බවට එය පැහැදිලි සාක්ෂියකි.
එහෙත් ඇඹිලිපිටිය, අනුරාධපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශවලට මෙය දිස්වූ බව එම ප්‍රදේශවල ජනතාව පවසයි.
අප කළ විමසීමකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මෙය භූචලනයක් හේතුවෙන් මතුවූ ශබ්දයක් නොවන බව තහවුරු වී ඇති බව ය.
ගුවන් යානයක් හෝ ඒ ආශ්රිත ක්‍රියාවලියකින් මේ ආලෝකය හා ශබ්දය ඇතිවූ බවට සාධක කිසිවක් හමුවී නොමැත.
මේ අනුව ඊයේ අධික ශබ්දයක් සමග ගමන් කළ ආලෝකය ෆයර් බෝල් වර්ගයේ උල්කාශ්මයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි
මේ පිළිබඳව අප අමෙරිකාවේ නාසා විද්‍යාඥයින්ගෙන් විමසීමක් කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ, උල්කාශ්මයක් පතිත වීමක් සිදුවිය හැකි නමුත් ඒ හැර විශේෂ සිදුවීමක් වාර්තා වී නොමැති බව ය.
20 Feb, 2019 | 05:49 PM
25 Jan, 2019 | 11:57 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS