සේවක අර්ථසාධක අරමුදල අඩුවෙන් ලංසු තැබීමෙන් රජයට අවාසියක් – බැඳුම්කර කොමිසමේදී අනාවරණය වෙයි

සේවක අර්ථසාධක අරමුදල අඩුවෙන් ලංසු තැබීමෙන් රජයට අවාසියක් – බැඳුම්කර කොමිසමේදී අනාවරණය වෙයි

සේවක අර්ථසාධක අරමුදල අඩුවෙන් ලංසු තැබීමෙන් රජයට අවාසියක් – බැඳුම්කර කොමිසමේදී අනාවරණය වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

16 Oct, 2017 | 10:15 pm

සේවක අර්ථ සාධක අරමුදල අඩුවෙන් ලංසු තැබීම හමුවේ රජයට රුපියල් මිලියන 550 ක අවාසියක් සිදුව ඇතැයි බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අද හෙළිවිය.

මුල්‍ය මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකා කොමිෂම හමුවේ ශාක්කි ලබා දෙමින් අද කියා සිටියේ ඝෘජු තැන්පතු ක්‍රමය නතර කරන්නේ නමි ඊට පෙර ඒ පිළිබඳව අධ්‍යනයක් කළ යුතු බවත් වෙනත් මාර්ග හරහා මුදල් ඉපයිමේ ක්‍රම සොයාගත යුතු බව ය.

ඔහු තව දුරට ත් කියා සිටයේ අත්තනෝමතික තීරණයක් ගතහොත් එම ඝෘජු තැන්පතු ක්‍රියාමාර්ග ‍ නතර කර දමන ලෙසට ඒ, හරහා වෙළඳපොළ පොලි අනුපාත ඉහළ යා හැකි බව ය.

ඔහු එහිදී වැඩි දුරට ත් ප්‍රකාශ කර සිටියේ 2016 මාර්තු මස 29 වැනිදා සිදුකළ වෙන්දෙසියේදි සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියනක බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොළෙන් මිලදීගෙන එම බැඳුම්කරයේ තවත් බිලියන 10 වටිනා කොටස් ද්විතික වෙළඳපොළෙන් මිලදී ගෙන තිබේ.

එම වසරේ අප්‍රේල් මස 01 වැනිදා නව විට සේවක අර්ථසාධක අරමුලේ බිලියන 9යි දශම 9ක් අතිරික්තයක් තිබුණු බව ත් අද අනාවරණය විය.

සේවක අර්ථ සාධක අරමුලේ රුපියල් බිලියන 10 ම පාවිච්චි කර ප්‍රාථමික වෙළඳපොළෙන් බැඳුම්කර මිලදි ගත්තේ නම් සෑම රුපියල් 100 ණය ඒකකයට රජයට රුපියලයි සත 95ක හිමිවන බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් සේවක අර්ථසාධක අරමුලේ රුපියල් බිලියනයක් පමණක් ආයෝජනය කළ නිසා එම වෙන්දේසියේදී රුපියල් මිලියන 550ක් රජයට අහිමි වූ බව ඔහු කියා සිටියේය.

මෙම වෙන්දේසියේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම තමන් වෙනුවෙන් ඝෘජුව ෆැන් ඒෂියා බැංකුව හරහා විශාල ලංසු ඉදිරිපක් කර ඇති බව මිට පෙර අනාවරණය විය.

මීට පෙර කොමිෂම ඉදිරියේ සාක්කි බලා දෙමින් විගණකාධිපතිවරයා කියා සිටියේ මේ වෙන්දේසියේ දි රුපියල් මිලියන 784ක පාඩුවක් රජයට සිදු බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]