රාජ්‍ය ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලීලට විදුලි බිල්පත් වංචාවකට අදාළ ව තවත් නඩුවක්

රාජ්‍ය ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලීලට විදුලි බිල්පත් වංචාවකට අදාළ ව තවත් නඩුවක්

කර්තෘ Hashini De Mel

16 Oct, 2017 | 8:23 pm

රාජ්‍ය ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලීල මුණසිංහ පදිංචිව සිටි රාජගිරියේ පිහිටි නිවසේ විදුලි මනුව වෙනස් කර, වංචනික ව විදුලිය ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද විභාගයට ගෙන තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය පවරා ඇති මෙම නඩුවේ සාක්ෂි විභාගය පෙබරවාරි 19 වන දා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළේ ය.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේ, සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසයි.

සැකකාර ෂලීල මුණසිංහ මහතා එදින වන විට රක්ෂිත බන්ධනාගාරයේ සිටියහොත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.

සැකකරු මේ වන විට තායිවානයේ බැංකුවකින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත ව සිටි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]