ශ්‍රී.ල.නි.ප.යේ අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස හිටපු ජනපතිනිය පත් කෙරේ

ශ්‍රී.ල.නි.ප.යේ අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස හිටපු ජනපතිනිය පත් කෙරේ

කර්තෘ Sakila Udayakumara

13 Oct, 2017 | 4:36 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ඒ බව සඳහන් කළේ ය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක කුමාර වෙල්ගම සහ නාවලපිටිය ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් එම ධූරවලින් ඉවත් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ වෙනුවට ජනාධිපතිවරයා නව ආසන සංවිධායකවරු දෙදෙනෙකු පත් කර ඇති බව ය.

ඒ අනුව මතුගම නව ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය ප්‍රියංගනී අබේධීර මහත්මිය පත් කෙරිණි.

නාවලපිටිය නව ආසන සංවිධායක ලෙස පත් කර ඇත්තේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිංහ මහතා යි.

ඔවුන් සිය පත්වීම් ලිපි ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා අතින් ලබාගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]