ඉදිරි දින කිහිපයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

ඉදිරි දින කිහිපයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

ඉදිරි දින කිහිපයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

කර්තෘ Sakila Udayakumara

13 Oct, 2017 | 3:59 pm

ඉදිරි දින කිහිපයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කළේ, දිවයිනට උතුරු දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඊට හේතු වී ඇති බව ය.

ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි ය.

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි ධීවර හා නාවික ප්‍රජාවට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]