නීති විරෝධී මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Hashini De Mel

12 Oct, 2017 | 6:06 am

නීති විරෝධී මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් විය.

ඒ, සැකකරුවන් අදාළ මැත්පැන් තොගය මෝටර් රථයකින් ලග්ගල ප්‍රදේශයේ සිට මීර්ගමට ප්‍රවාහනය කරමින් තිබූ අතරවාරයේදී ය.

විශේෂ කාර්ය බලකායේ දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ මෙම මත්පැන් තොගය සහා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්යේදීයි.

සැකකරුවන් මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව මත්පැන් බෝතල් 94ක් තිබූ බව දඹුල්ල විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කර තිබේ.

සැකකරුවන් දඹුල්ල පොලීසියට භාරදීමෙන් අනතුරුව අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]