දුම්රිය වැඩ වර්ජනය අවසන් කෙරේ

දුම්රිය වැඩ වර්ජනය අවසන් කෙරේ

කර්තෘ Sakila Udayakumara

12 Oct, 2017 | 6:42 pm

ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ගැටලුව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ය.

ඊයේ රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කළේ, බඳවා ගැනීමේ පටිපාටියට අදාළව අධ්‍යාපන සුදුසුකම් ඉහළ දැමූ බව කියන සිද්ධියකි.

වර්ජනය නිසා අද පස්වරුවේ වැඩි දෙනෙක් දුම්රිය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.

නමුත් කොටුව හා මරදාන දුම්රිය ස්ථානවලින් දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට පියවර ගෙන තිබිණි.

පූර්ව දැනුම් දීමකින් තොරව වර්ජනයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මගීහු දැඩි අප්‍රසාදය පළ කරති.

වැඩ වර්ජනයත් සමග කොළඹ කොටුවෙන් සහ මරදාන දුම්රිය ස්ථානවලින් ඊයේ ගමන් ආරම්භ කිරීමට තිබූ රාත්‍රී තැපැල් සහ නගරාන්තර දුම්රිය සේවා රැසක් අවලංගු කෙරිණි.

මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොටුව දුම්රිය ස්ථානය තුළ ඇති වූයේ උණුසුම් තත්ත්වයකි.

අද උදෑසනත් පාසල් සිසුන් සහ රාජකාරියට යාම සඳහා දුම්රිය ස්ථානවලට පැමිණි බොහෝ දෙනෙකු මුහුණ දුන්නෙ දැඩි දුෂ්කරතාවකට ය.

වැඩ වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් 90%ක්ම ඇණහිටි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]