පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පණිවුඩය රැගෙන රැජිණගේ යෂ්ටිය ශ්‍රී ලංකාවට

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පණිවුඩය රැගෙන රැජිණගේ යෂ්ටිය ශ්‍රී ලංකාවට

By Sakila Udayakumara

Oct 12, 2017 | 9:13 pm

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පණිවුඩය රැගෙන රැජිණගේ යෂ්ටිය රැගත් දූත පිරිස අද පස්වරුවේ දිවයිනට පැමිණියහ.

බ්‍රිතාන්‍යයේ බැකින්හැම් මාලිගයෙන් ගමන් ඇරඹූ මෙම යෂ්ටිය රැගත් දූත පිරිස දින 388කදී පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 70 ක සංචාරය කිරීමට නියමිත ය.

අද එම යෂ්ටිය රැගත් දූත පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ ආරාධිතයින් පිළිගැනීමේ පර්යන්තයේදී පිළිගත්තේ, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ය.

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයින් ද මේ සඳහා එක්ව සිටියහ.

අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එම යෂ්ටිය පිළිගැන්වීමට නියමිත ය.

අනතුරුව හෙට පස්වරු 1.00ට රැජිණගේ යෂ්ටිය රැගත් දූත පිරිස විශේෂ දුම්රියකින් ගාල්ල නගරය දක්වා ගමන් කරනු ඇති.

ඊට සමගාමීව ස්ථාන කිහිපයකදී විශේෂ පිළිගැනීමේ උත්සව කිහිපයක් ද සංවිධාන කර තිබේ.

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබන වසරේ අප්‍රේල් මස 04 වන දා සිට 15 වන දා දක්වා ඔස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට් නුවරදී පැවැත්වීමට නියමිත ය.

[youtube url=”www.youtube.com/watch?v=z6dpBNp8EFU” width=”560″ height=”315″]