පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමන්නේ නැහැ – ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය

පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමන්නේ නැහැ – ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය

පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමන්නේ නැහැ – ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය

කර්තෘ Chathuranga Rajapaksha

01 Oct, 2017 | 7:15 am

පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අයි.ඕ.සී. සමාගම, ඉල්ලීම් ඉදිරිපත් කර නොමැති බව ය.

අයි.ඕ.සී. සමාගමට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව පාඩු ලබමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 06 ක පාඩුවක් ලබමින් ඇතැයි ද උපාලි මාරසිංහ මහතා පවසයි.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි මුල්‍යමය අර්බුදයකට මුහුණ පා සිටී.

ඒ, ලංකා විදුලි බල මණ්ඩලය සහ පෞද්ගලික බලාගාර ලබාගත් ඉන්ධන සදහා මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙනි.

පසුගිය වසර කිහිපය තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අවස්ථා කිහිපයකදී උච්ඡාවචනය විය.

2015 ජනවාරි මාසය වන විට ලෝක‍ වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 50.23 ක්ව පැවති අතර එය 2016 ජනවාරි මස වන විට අමෙරිකානු ඩොලර් 29.49 දක්වා අඩුවිය.

2016 දෙසැම්බර් මාසය වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 54.63 ක්ව පැවතුණු අතර 2017 සැප්තැම්බර් වන විට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 51.49 ක් දක්වා අඩු විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]