ශ්‍රී ලංකාවේ මහා මාර්ග සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125ක නව ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ මහා මාර්ග සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125ක නව ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ මහා මාර්ග සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125ක නව ව්‍යාපෘතියක්

කර්තෘ Sakila Udayakumara

29 Sep, 2017 | 6:58 pm

මහා මාර්ග සම්බන්ධතා සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අද අත්සන් තැබුවේ ය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින් ලෝක බැංකු නේවාසික අධ්‍යක්ෂ ඉඩා ස්වාරායි රිඩ්ඩිහෆ් සහ මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා මේ සඳහා අත්සන් තැබූ බව ලෝක බැංකු නිවේදනයේ සඳහන් ය.

මහා මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතිසංවිධානය මගින් ශ්‍රී ලංකාව අනෙක් රටවල් සමග එක්ව සාම්ප්‍රදායික තත්ත්වයෙන් ඔබ්බට ගොස් යටිතල පහසුකම් සපයන්නෙකුගේ තත්ත්වයේ සිට සේවා සපයන්නෙකුගේ තත්ත්වය දක්වා උසස් කිරීම සඳහා මේ ප්‍රතිපාදන යොදා ගැනෙණු ඇති.

මෙම නව ප්‍රවිෂ්ටය මගින් වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම මාර්ග සහා ප්‍රවාහන සේවාවක් රටට ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බව සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]