සහල් සහ හාල්මැස්සන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ

සහල් සහ හාල්මැස්සන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ

කර්තෘ Sakila Udayakumara

28 Sep, 2017 | 3:57 pm

සහල් වර්ග 8ක හා හාල්මැස්සන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ලංකා සතොස සභාපති පී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජීවන වියදම් කමිටුව සමග පැවති සාකච්ඡාවේදී ලැබුණු උපදෙස් අනුව මිල ගණන් පහළ දැමීමට කටයුතු කළ බව ලංකා සතොස සභාපති පී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.