ජනපති ඇමතිවරුන්ට දුන් නියෝගය

ජනපති ඇමතිවරුන්ට දුන් නියෝගය

කර්තෘ Sakila Udayakumara

28 Sep, 2017 | 10:04 pm

ලබන ජනවාරී මාසයේ සිට සියලු ම ඇමතිවරුන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලට සහභාගී වී ඔවුන්ගේ ආයතනවලින් සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජාතික ආර්ථික සභාව අද දෙවන වරටත් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විණි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ සහ ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යංශය මෙවර ජාතික ආර්ථික සභාවට කැඳවා තිබූ අතර ඒවායේ ක්‍රියාකාරිත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, පාරිභෝගික අධිකාරිය සතු බලතල ශක්තිමත් කිරීම සහ පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර එය වඩා කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව ය.

2018 අයවැය සකස් කිරීමට අදාළව සිදු කෙරෙන කටයුතු සහ සංශෝධන පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.