ජනතා විරෝධතා හමුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 වන අදියරේ ඉදිකිරීම්වලට තවදුරටත් බාධා

ජනතා විරෝධතා හමුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 වන අදියරේ ඉදිකිරීම්වලට තවදුරටත් බාධා

කර්තෘ Sakila Udayakumara

28 Sep, 2017 | 7:59 pm

මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 වන අදියරේ ඉදිකිරීම් නිසා මතුව ඇති පාරිසරික හා තාක්ෂණික ගැටලු හේතුවෙන් 2 වන දිනටත් අද විරෝධතා පැවැත්විණි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 වන අදියර යටතේ දම්බොක්ක සිට ගැට්ටුවාන කොටසේ දැනට ඉදිකර ඇති සැපයුම් මාර්ගය හේනමුල්ල ප්‍රදේශවාසීන් අවහිර කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, කිලෝමීටර් 8.5ක් වන එම මාර්ග කොටස කණු මතින් ඉදිකරන බව පවසා මේ වන විට පිහිටි පොළොව මත ඉදිකරන බව ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 වන අදියර දේශීය කොන්ත්‍රාත් සමාගම් විසින් සිදු කරන අතර ඊට මුදල් ලබාගෙන ඇත්තේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ලබා ගත් ණය මුදලකිනි.

එහි ඉදිකිරීම් වියදම පමණක් රුපියල් බිලියන 126 කි.

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහනාදායී ණය පහසුකම් ලබා ගැනීමට උත්සහ කර ඇති අතර එය වැළකී ඇත්තේ ජනතාවට වන්දි ගෙවීම් හා නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතාවක් පෙනෙන්නට නොතිබීම නිසා ය.