විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද

කර්තෘ Sakila Udayakumara

27 Sep, 2017 | 6:54 am

9.00 am – විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඇරඹේ

8.50 am – සැකකරුවෝ යාපනය මහාධිකරණ සංකීර්ණයට පැමිණෙති.

8.30 am – විනිසුරු මඩුල්ල මහාධිකරණ සංකීර්ණයට පැමිණෙයි.

ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණු නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සශීමහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විද්‍යා ඝාතන නඩුව විභාගයට ගැනිණ.

නඩුව විභාගයට ගැනුණේ, යාපනය මහාධිකරණයේදී ය.

මානික්කවාසගර් ඉලන්චෙලියන් සහ අන්නලිංගම් ප්‍රේම්ශංකර් විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරු වූහ.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කිරීමට පෙර මෙම නඩුව විභාග කෙරෙන්නේ, කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේයි.

2017. 8 . 29 වන දා විද්‍යා ඝෘතනයට අදාළව විත්තිකරුවන්ගෙන් සාක්ෂි විමසීම අවසන් කෙරිණ.

2015 මැයි 13 වන දා ශිවලෝගනාදන් විද්‍යා දැරිය පුංකුඩුතිව් ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර ඝාතනය කර තිබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]