කිහිපවරක් කල් ගිය විගණන පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා කැබිනට් අනුමැතියට

කිහිපවරක් කල් ගිය විගණන පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා කැබිනට් අනුමැතියට

කිහිපවරක් කල් ගිය විගණන පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා කැබිනට් අනුමැතියට

කර්තෘ Sakila Udayakumara

26 Sep, 2017 | 6:34 am

ජාතික විගණන පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා අනිවාර්යෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඒ පිළිබඳ විමර්ශනයට පත් කළ කැබිනට් අනු කමිටුවේ සභාපති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

කමිටුවේ සභාපති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේ, අනු කමිටු සාමාජික අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විදේශගතව සිටි බැවින් පනත් කෙටුම්පත මෙතෙක් කලක් කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නොහැකි වූ බව ය.

එහෙත් ඔහු පෙරේදා දිනයේ අනු කමිටුවට සහභාගී වී පනත් කෙටුම්පත පිළිබඳ තම නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.

අනුර ප්‍රියදර්ශන අමාත්‍යවරයා විගණන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලට ඔහුගේ විරෝධය පළ කර ඇති අතර එම යෝජනා ද වෙනම ඇමුණුමක් ලෙස කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ද ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේ ය.

විගණන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී ලැබුණු යෝජනා සමාලෝචනය කිරීම සඳහා මෙම අමත්‍ය අනු කමිටුව පත් කළ අතර ඊට ආචාර්ය සරත් අමුණුගම, අනුර ප්‍රියදර්ශන යාපා, මංගල සමරවීර හා රවුෆ් හකීම් යන අමාත්‍යවරුන් ඇතුළත් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]