ආනයනික ලොකු ලූණු සඳහා වන බද්ද 100%කින් ඉහළට

ආනයනික ලොකු ලූණු සඳහා වන බද්ද 100%කින් ඉහළට

ආනයනික ලොකු ලූණු සඳහා වන බද්ද 100%කින් ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

25 Sep, 2017 | 8:33 pm

ආනයනික ලොකු ලූණු සඳහා 100% කින් බදු ඉහළ දැමීමට ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබේ.

දේශිය ලොකු ලූණු ගොවියාගේ අස්වැන්න අලෙවි කර ගැනීමට මතුව ඇති ගැටලු සලකා බලා ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ලූණු අවශ්‍යතාවයෙන් සියයට 35 ත් 40 ත් අතර ප්‍රමාණයක් දේශිය නිෂ්පාදනය කෙරේ.

ඒ මාතලේ, අනුරාධපුර, කුරුණෑගල හා පොලොන්නරුව දිස්ත්‍රික්ක ආශ්‍රිතවයි.

පසුගිය කාලයේ ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වගාකොට ඇති ලූණු බල්බ කුණුවීම හා දිලිර රෝග ව්‍යාප්ත වීම සිදුවිය.

ඒ, හේතුවෙන් ලූණු වගා බිම් අක්කර 1,100 ක් පමණ විනාශයට පත් වූ අතර මෙරට වැඩිම ලොකු ලූණු නිෂ්පාදයක් සිදු කරන දඹුල්ල ප්‍රදේශයේ වගාකර ඇති බිම් ප්‍රමාණයන් සියයට 50 පමණ විනාශයට පත් වූ බව කෘෂි රක්ෂණය මණ්ඩලය පෙන්වා දුන්නේය.

මෙවැනි ගැටලු රැසකට මුහුණ දී ඇති තමන්ට ඉතිරිවු නිෂ්පාදනය හෝ සාධාරණ මිලකට අලෙවි කර ගැනීම සඳහා මෙම ආනයන සීමා කිරීමට පියවර ගන්නැයි ගොවීන් ඉල්ලා සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]