සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි

සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි

සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි

කර්තෘ Hashini De Mel

24 Sep, 2017 | 6:44 am

සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරණ ප්‍ර ්‍යත්නයේදී ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටිරෙස් මහතා පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ නිව්යෝක් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදීයි.

පැරිස් සමුළුවේදී ඇතිකර ගත් එකඟතා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා පෞද්ගලිකවම මැදිහත්වීම පිළිබඳ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා සිය ප්‍රසාදය පළ කළේ ය.

තිරසර සංවර්ධන ඉලක්ක, සංවර්ධන ක්‍රියාදාමයට එක්කර ගැනීමට ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙල ද ඔහුගේ පැසසුමට ලක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ, සංවර්ධනය සහ සංහිඳියාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කැපවී සිටින බවයි.

ඒ සඳහා ලොව සෑම රාජ්‍යයකම සහයෝගය සහ මිත්‍රත්වය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා එහිදී පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය දැකබලා ගැනීමට මෙරට සංචාරයක නිරත වන ලෙස ද ජනාධිපතිතුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට ඇරයුම් කර තිබේ.