මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හඳුනා ගැනීමට අද විශේෂ වැඩපිළිවෙලක්

මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හඳුනා ගැනීමට අද විශේෂ වැඩපිළිවෙලක්

මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හඳුනා ගැනීමට අද විශේෂ වැඩපිළිවෙලක්

කර්තෘ Hashini De Mel

23 Sep, 2017 | 8:10 am

මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හඳුනා ගෙන ඔවුන්ට නීතිමය පියවර ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් අද ආරම්භ කිරීමට නියමිත වේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, මෙම වැඩපිළිවෙල අද සිට සති කිහිපයක් පුරා කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කරන බව ය.

ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් සාමාන්‍ය වාහනවලින් කොළඹ නගරය තුළ ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ගමන් කරමින් මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් නිරීක්ෂණය කරණු ඇති.

අනතුරුව මාර්ගයේ රාජකාරියේ යොදවා සිටින නිල ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් මගින් අදාළ වාහන නවතා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

මෙම වැඩපිළිවෙල අද පෙරවරුවේ නොළුම් පොකුණ අසළදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, මෙය රථ වාහන අනතුරු අවම කරමින් විනය හා නීතිගරුක රියැදුරන් බිහි කිරීමේ වැඩපිළිවලේ තව ත් එක් අදියරක් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]