මධ්‍යම අධිවේගයේ ටෙන්ඩර් ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ පරික්ෂණයක්

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩර් ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ පරික්ෂණයක්

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩර් ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ පරික්ෂණයක්

කර්තෘ Sakila Udayakumara

20 Sep, 2017 | 1:00 pm

මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ යටතේ අදාළ මාර්ග කොටස ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම, ඊට ඉදිරිපත් වූ ආයතන මෙන් ම ටෙන්ඩරය ලබා දීමේදී යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විමර්ශනය කෙරෙනු ඇති.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටසේ ඉදිකිරීම් පිළිබඳව සකස් කළ විගණන වාර්තාව කෝප් කමිටුවට භාර දී තිබේ.

ඒ පිළිබඳව කරුණු විමසීමට ඊයේ දිනයේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]