වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ස්ථාන මාරු කරන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් නියෝග

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ස්ථාන මාරු කරන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් නියෝග

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ස්ථාන මාරු කරන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් නියෝග

කර්තෘ Hashini De Mel

18 Sep, 2017 | 4:55 pm

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී, නිර්මලී තේනුවර මහත්මිය ස්ථාන මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට අමාත්‍යවරයා මේ බව දැනුම්දී ඇත්තේ, එම බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් 19 දෙනෙකුගේ ඉල්ලීම මත ය.

ඔවුන් අද ලෙඩ නිවාඩු මත සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ නිර්මලී තේනුවර මහත්මියගේ වෘත්තීය විෂමාචාර පිළිබඳ කරුණු 26 කින් යුත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී තිබේ.

ඔවුන් ඉල්ලා ඇත්තේ, එම කරුණු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වන ලෙස ය.

මෙම ස්ථාන මාරුවෙන් පුරප්පාඩු වන වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී තනතුරට ජේ. කේ. මල්වත්තගේ මහතා පත් කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

වැලිකඩ බන්ධනාගාරයට යොමුවන ඇතැම් සිරකරුවන් විධිමත් නොවන ආකාරයෙන් බන්ධනාගාර රෝහලට ඇතුළුවීම හා වරප්‍රසාද ලැබීම පිළිබඳව එහි වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී නිර්මලී තේනුවර මහත්මියට චෝදනා එල්ල විය.