මන්ත්‍රී වීරකුමාර දිසානායක අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව යළි කැඳවයි

මන්ත්‍රී වීරකුමාර දිසානායක අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව යළි කැඳවයි

මන්ත්‍රී වීරකුමාර දිසානායක අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව යළි කැඳවයි

කර්තෘ Hashini De Mel

18 Sep, 2017 | 3:35 pm

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව යළි කැඳවා තිබේ.

ඒ, මන්ත්‍රීවරයා නීතිඥවරයෙකු මාර්ගයෙන් අද අධිකරණය හමුවට ඉදිරිපත් වීම හේතුවෙනි.

නඩුවක් සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේ ය.

2016 වසරේදී කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි මෙරට එක්සත් ජාතීන්ගේ මූලස්ථානය අසළදී මහජනයට පීඩාවන අයුරින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය මෙම නඩුව ගොනු කර ඇත.

අද දින පොලීසිය අධිකරණ හමුවේ කියා සිටියේ, මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන අවසන් බැවින් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කළ හැකි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]