ජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි

ජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි

ජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි

කර්තෘ Sagarika Chathumali

18 Sep, 2017 | 9:10 am

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගීවීමට ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබේ.

හෙට පස්වරුවේ, ජනාධිපතිවරයා සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන 3 වන අවස්ථාව මෙයයි.

එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය, සංහිඳියාව සහ සාමය පිළිබඳව මෙන්ම මෙම වසර දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස ප්‍රකාශයට පත් කරමින් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද ලෝක නායකයින් දැනුවත් කෙරෙනු ඇති.

පසුගිය සමුළුවේදී ගත් තීරණ කෙසේ ඉදිරියට රැගෙන ගියේ ද යන්න පිළිබඳව සාකච්ඡාවට ගැනෙන එක්සත් ජාතින්ගේ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතයි.

එය මහා සම්මේලනය ආරම්භ වීමට පෙර පැවැත්වීමට නියමිතයි.

සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා ලෝක නායකයින් රැසක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වනු ඇති.