අහංගම 5මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකුට තුවාල

අහංගම 5මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකුට තුවාල

කර්තෘ Hashini De Mel

18 Sep, 2017 | 7:18 pm

අහංගම, තිත්තගල්ල, අලවතුකිස්ස ප්‍රදේශයේ ඉදිවෙමින් තිබූ මහල් 05ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු අද තුවාල ලබා තිබේ.

අද උදෑසන 10ට පමණ අහංගම ප්‍රදේශයේ මෙම ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ල කඩා වැටී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 05 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරිණි.

සුන්බුන් අතර සිරවී සිටි තව ත් පුද්ගලයෙකු බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, ගිනි නිවන භටයින් සහ ප්‍රදේශවාසීන් එක් ව මෙහෙයුමක් දියත් කර ඇත.

පැය 3කට ආසන්න කාලයක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව බේරාගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරිණි.

සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා හබරාදූව ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරීන් අද දහවල් මෙම ස්ථානයට පැමිණ තිබේ.

ඔවුන්ගේ මූලික නිරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, මහල් 3කට පමණක් අවසර දී තිබියදී අනවරසයෙන් මහල් 5ක් දක්වා මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති බවයි.

ගොඩනැගිල්ලේ 5වන මහල ඉදිකර ඇත්තේ, ඉකුත් සිකුරාදා වන අතර කොන්ත්‍රාත්කරු ද අනතුරින් තුවාල ලැබුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]