සයිටම් විරෝධී රථ පෙළපාලිය කොළඹට ළඟා වෙයි

සයිටම් විරෝධී රථ පෙළපාලිය කොළඹට ළඟා වෙයි

කර්තෘ Sakila Udayakumara

15 Sep, 2017 | 7:39 pm

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනයට සමගාමීව ක්‍රියාත්මක විරෝධතා රථ පෙළපාලිය අද කොළඹට ළඟා විය.

ඒ හේතුවෙන් කොළඹ අවට ඇතිවූයේ දැඩි රථ වාහන තදබදයකි.

හලාවත, අවිස්සාවේල්ල, පස්යාල හා කෑගල්ලෙන් පැමිණි රථ පෙළපාලි අද පස්වරුවේ ලිප්ටන් වටරවුමට පැමිණියේ ය.

විරෝධතාව හේතුවෙන් ලිප්ටන් වටරවුමට පැමිණෙන සියලු මාර්ග අවහිර විය.

මේ අතර පිරිස ඇමතීම සඳහා වූ ජංගම වේදිකාව සහිත ලොරිය ජාතික රෝහලට පිවිසෙන මාර්ගය අවහිර කර නවතා තිබීම හේතුවෙන් රෝගියෙකු රැගෙන පැමිණි ගිලන් රථයකට බාධා ඇති විය.

ලිප්ටන් වටරවුම අසලට පැමිණි පිරිස පැය එකහමාරක කාලයක් විරෝධතා රැලිය පැවැත්වූහ.