මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තු දීමේදී එක් සමාගමකට විශේෂ ඇල්මකින් ලබාදීමට උත්සාහ කරන්නේ කාගේ වුවමනාවට ද?

මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තු දීමේදී එක් සමාගමකට විශේෂ ඇල්මකින් ලබාදීමට උත්සාහ කරන්නේ කාගේ වුවමනාවට ද?

කර්තෘ Hashini De Mel

11 Sep, 2017 | 7:35 pm

ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය නොසකලා හරිමින් සිදු කරන අලුත්ම ගනුදෙනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවයි.

මේ ඒ පිළිබඳව නවතම හෙළිදරව්ව,

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියක් සිදුවෙමින් පවතිද්දී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අපූරු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

2016 දෙසැම්බර් 2වන දා ඉදිරිපත් කළ මේ කැබිනට් පත්‍රිකාවෙන් ඔහු ඉල්ලා සිටින්නේ මේ තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලිය අත්හිටුවන ලෙස ය.

එසේ අත්හිටුවා ටෙන්ඩර් ඉදිරිපත් කළ එක් සමාගමක් වූ ෆුජිටා ඩයිවා හවුස් සමූහ ව්‍යාපාරය සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔහු කැබිනට් අනුමැතිය ඉල්ලා සිටියේ ය.

කෙසේවෙතත් ෆුජිටා සමාගම මෙම කොන්ත්‍රාත්තුව සඳහා සුදුසු නොවන බව ටෙන්ඩර් කමිටුව කරුණු සහිතව තීරණය කර තිබේ.

පසුව ජපාන රජයේ ඉල්ලීම පරිදි යැයි කියමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා යෝජනා කළේ, ටෙන්ඩරය සඳහා සුදුසුකම් ලැබූ ටයිසෙයි සමාගම සමග ෆුජිටා සමාගම ඒකාබද්ධ කර මෙම කොන්ත්‍රාත්තුව ලබාදෙන ලෙසයි.

නිසි ක්‍රියාමාර්ග කඩ කරමින් මේ කොන්ත්‍රාත්තුව එක් සමාගමකට විශේෂ ඇල්මකින් ලබාදීමට උත්සාහ කරන්නේ කාගේ වුවමනාවට ද?

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]