උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට ඇරඹේ: පාසල් 07කට හෙට සිට නිවාඩු

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට ඇරඹේ: පාසල් 07කට හෙට සිට නිවාඩු

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට ඇරඹේ: පාසල් 07කට හෙට සිට නිවාඩු

කර්තෘ Hashini De Mel

11 Sep, 2017 | 6:11 pm

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙටින් ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ, එම කාලය තුළ පාසල් 07ක් සම්පුර්ණයෙන් වසා තැබෙන බවයි.

එම පාසල් වන්නේ, කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය ,කොළඹ ආනන්ද විද්‍යාලය, කළුතර ගුරුළුගෝමී මහා විද්‍යාලය, කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලය, ගාල්ල සුදර්මා විද්‍යාලය, මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය, බණ්ඩාරවෙල සීවලි නවෝද්‍යා මහා විද්‍යාලය වේ.

මෙම පාසල් අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත වනු ඇත්තේ ලබන 27 වන දා යි.

මීට අමතරව තව ත් පාසල් 20ක ඇගයීම් කටයුතු සිදුවන අතර එම පාසල්වල අධ්‍යයන කටයුතු සමාන්‍ය පරිදි සිදු වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]