කොස්ගොඩ මුහුදේ ගිලී ජර්මන් කාන්තාවක් මරුට

කොස්ගොඩ මුහුදේ ගිලී ජර්මන් කාන්තාවක් මරුට

By Hashini De Mel

Sep 14, 2017 | 11:27 am

ගාල්ල, කොස්ගොඩ මුහුදේ ගිලී ජර්මන් ජාතික කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, පසුගිය 31වන දා දිවයිනට පැමිණි ඇය ඉඳුරුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන ඇති බවයි.

ඊයේ පෙරවරුවේ ඇය ඉන් පිටව ගොස් තිබුණේ මුහුදේ දියනෑම සඳහා ය.

අද අලුයම කොස්ගොඩ වෙරළට ගොඩගසා තිබියදී ඇගේ මළ සිරුර සොයා ගෙන ඇති අතර ඇය අවුරුදු 45 – 50ත් අතර වයසේ පසුවන බව පොලීසිය සඳහන් කළේ ය.

මෘත ශරීරය මේ වන විට ඇල්පිටිය මුලික රෝහලේ තැන්පත් කර තිබේ.

ඇල්පිටිය මුලික රෝහල   ඉඳුරුව   කොස්ගොඩ   ගාල්ල   ජර්මන් කාන්තාවක් මරුට