“ප්‍රදේශ රැසකට අද ත් තද වැසි” – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

“ප්‍රදේශ රැසකට අද ත් තද වැසි” – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

By Hashini De Mel

Sep 14, 2017 | 7:44 am

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද ත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කටුනායකින් වාර්තා වුණ අතර එම අගය මිලිමීටර් 138.9කි.

කොළඹට මිලිමීටර් 95.2 ක් හා රත්මලානට මිලිමීටර් 73ක වර්ෂාපතනයක් ලැබී ඇත.

අධික වර්ෂාවත් සමඟ ගාල්ල, මාතර , කලුතර, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා තිබේ.

කුකුළේ ගඟ ජලාශයේ සියලු වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින අතර එහි සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අගලවත්ත, බදුරලිය, ඉංගිරිය සහ මදුරාවල යන ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.

අධික වාර්ෂාව සහ තද සුළං හේතුවෙන් මාර්ග රැසක ගමනාගමනය ද ඊයේ පස්වරුවේ අවහිර වී ඇත.

[youtube url=”www.youtube.com/watch?v=W0KIhj3hxKE&feature=youtu.be” width=”560″ height=”315″]

අද ත් තද වැසි   කටුනායක   කලුතර   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව   කොළඹ   ගාල්ල   ප්‍රදීප් කොඩිප්පිලි   මාතර   රත්නපුර