විදුලි බල සේවකයින් වැඩවර්ජනයක් අරඹයි

විදුලි බල සේවකයින් වැඩවර්ජනයක් අරඹයි

By Hashini De Mel

Sep 13, 2017 | 7:35 pm

විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් අද වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඔවුන් පැවසූවේ, තම ගැටලුවලට පැය 48ක් තුළ විසඳුම් නොලැබුනහොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ය.

මේ අතර අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා සේවක නිවාඩු ලබන 20 වන දා දක්වා අවලංගු කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය අද නිවේදනයක් නිකුත් කර තිබේ.

අද දහවල් 12 සිට විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති මෙම වර්ජනය ආරම්භ කර ඇත.

ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමවී ඇත්තේ, වැටුප් විෂමතා ගැටලුව විසඳිමයි.

පාඩු පියවා ගැනීමට විදුලි ගාස්තු වැඩි නොකරන ලෙස ද වෘත්තීය සමිති ඉල්ලා සිටියහ.

අද විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දේව කන්නලව්වකින් පසුව ඔවුන් වර්ජනය ආරම්භ කර තිබේ.

තව ද බලාගාරවල සේවකයින් හා ප්‍රාදේශීය සේවකයින් ද මේ වනවිට වර්ජනයට එක් ව සිටි.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්, රන්ජන් ජයලාල්,

[quote]2014 පැවතිච්ච ආණ්ඩුව බලය හුවමාරුකර ගැනීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය පාලන අධිකාරියට විතරක් නීති විරෝධි වැටුප් වැඩිවීමක් ලබාදීලා තියනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ පට්ට හොරුන්ට කම්බ හොරුන්ට මේ ලබාදුන් වැටුප් වැඩිවීම නීති විරෝධි වැටුප් වැඩිවීමක්. ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා හොරුත් එක්ක හිටගෙන අද විදුලි බල මණ්ඩලයේ සේවකයින් ඉදිරිපත් කරන මේ සාධාරණ ඉල්ලීමට කන්දෙන්නේ නැතුව වගේ වගක් නැතුව යනවා. අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුලුවන්නම් 23,000 ක් සේවකයෝ නැතුව 1200 ක් වෙච්ච පට්ටහොරුත් එක්ක කම්බ හොරුත් එක්ක පුලුවන් නම් උඹලා විදුලිය පවත්වාගෙන පලයල්ලා.[/quote]

විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය, අජිත් පී. පෙරේරා,

[quote]ප්‍රශ්නය විසඳීමට ඉතාම පැහැදිලි නිර්මාණශිලි යෝජනා මාලාවක් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් සෑම වෘත්තිය සමිතියකටම යොමු කරලා තියනවා එහෙම යොමු කරලා තාම සුමාන දෙකක්වත් නැහැ. අපි අදහස් විමසලා තියනවා ඒ අදහස් අපට වෘත්තිය සමිති ලබාදීලා තියනවා. ඒ අදහස් අපි සලකා බලලා අපිට පුලුවන්කම තියෙයි ස්ථිරසාරවම අවසානාත්මක විසඳුමකට එන්න එහෙම අවස්ථාවක වර්ජනයක් කරන එක රටේ ජනතාවට කරන පීඩනයක් බවයි අපේ හැඟිම. වර්ජනයෙන් වැලකී ඉන්න කියන එක තමයි අපේ කාරුණික ඉල්ලීම.[/quote]

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන,

[quote]අභියෝග තිබුනා ජල විදුලි නිෂ්පාදනයට අපට සිදුවුණා අඛණ්ඩ විදුලි නිෂ්පාදනය තහවුරු කිරීමට තාප බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට. ජනවාරි මාසයේ සිට ජුනි 30 දක්වා කාලය තුළ රුපියල් බිලියන 34 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවුණා. මේ පිරිවැය ජනතාව මත පැටවීමකින්‍ තොරව විදුලි ගාස්තු වැඩි කිරීමකින් ‍තොරව මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමේ ක්‍රියාවලියකට යොමුවන්න කටයුතු කෙරෙමින් පවතිනවා. අපි හැකිතාක් උපරිම උත්සහ දරණවා අවශ්‍යකරන ක්‍රියාමාර්ග අරගෙන විදුලි සේවාව තහවුරු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට[/quote]

[youtube url=”www.youtube.com/watch?v=58Zauy0xlvw” width=”560″ height=”315″]

අජිත් පී. පෙ‍රේරා   රන්ජන් ජයලාල්   වැඩවර්ජනයක්   විදුලි බල සේවකයින්   සුලක්ෂණ ජයවර්ධන