සැහැල්ලු ගුවන් යානයක් ගසක වැදී කඩා වැටුණු අයුරු… (VIDEO)

සැහැල්ලු ගුවන් යානයක් ගසක වැදී කඩා වැටුණු අයුරු… (VIDEO)

By Sagarika Chathumali

Sep 13, 2017 | 4:53 pm

 
අමෙරිකාවේ, කනෙක්ටිකට් ප්ලේන්විල්හිදී සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ම කඩා වැටෙන දර්ශන පෙළක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචලිත වෙමින් තිබේ.

යානය ගොඩ බැස්සවීමට සූදානම් වූ අවස්ථාවේ යානය ප්‍රථමයෙන් ගසක ගැටෙන අතර පසුව යානය කඩා වැටෙයි.

අනතුරින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර ෆෝස්ට් නමැති 80 හැවිරිදි ගුවන් නියමුවා අනතුරින් දිවි බේරාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරින් සුළු තුවාල ලැබූ ගුවන් නියමුවා රෝහල්ගත කර ඇති බවයි.

අනතුරට හේතුව සොයා අමෙරිකානු ගුවන් බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

[youtube url=”https://www.youtube.com/watch?v=8-tjq-uuFas” width=”560″ height=”315″]