රජයේ වෛද්‍යවරුන් අදත් දිස්ත්‍රික්ක 6ක වැඩ වර්ජනයේ

රජයේ වෛද්‍යවරුන් අදත් දිස්ත්‍රික්ක 6ක වැඩ වර්ජනයේ

By Sakila Udayakumara

Sep 13, 2017 | 7:39 am

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජන මාලාවේ දෙවන අදියර අද දිස්ත්‍රික්ක 06ක ක්‍රියාත්මක වේ.

ඒ වව්නියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොණරාගල සහ මාතර යන දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල ය.

ඊයේ දිනයේ මෙම වැඩ වර්ජනය යාපනය ඇතුළු දිස්ත්‍රික්ක 08ක ක්‍රියාත්මක විණි.

මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි දහස් ගණනක් රෝගීහූ දැඩි දුෂ්කරතාවට පත්වූහ.

වැඩ වර්ජනයට සමගාමීව විරෝධතා රථ පෙළපාලියක් ආරම්භ කෙරුණු අතර, එය ලබන 15 වන දා කොළඹට පැමිණීමට නියමිත ය.

මේ අතර වෛද්‍ය වැඩ වර්ජනයට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් සිය අප්‍රසාදය පළ කරයි.

අම්පාර   බදුල්ල   මාතර   මාතලේ   මොණරාගල   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය   ව්නියාව   වැඩ වර්ජනය   සයිටම්