පාසල් ළමුන් ඇතුළත් කිරීමේදී අක්‍රමිකතාවල යෙදුණු ගම්පහ සහ මාතර විදුහල්පතිවරුන් දෙදෙනෙක් කොටුවෙති

පාසල් ළමුන් ඇතුළත් කිරීමේදී අක්‍රමිකතාවල යෙදුණු ගම්පහ සහ මාතර විදුහල්පතිවරුන් දෙදෙනෙක් කොටුවෙති

By Sakila Udayakumara

Sep 13, 2017 | 7:02 am

ගම්පහ ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ගාමිණි විජයබන්දු මහතා සඳහන් කළේ, 2016 වර්ෂයේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවූ බව ය.

පරික්ෂණයකින් පසුව ඔහුගේ සේවය අත්හිටුවා ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ අතර අල්ලස් චෝදනා මත අකුරැස්ස තෙලිජ්ජවිලි ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, විද්‍යාලයේ 3 වන ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කිරීමට විදුහල්පතිවරයා රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා ඇති බව ය.

එය ප්‍රදේශයේ වෙළෙඳ සල් හිමියෙකු මාර්ගයෙන් ලබා ගැනීමේදී සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අකුරැස්ස   ගම්පහ   ගාමිණි විජයබන්දු   තෙලිජ්ජවිලි