කෙත්තාරාම ක්‍රීඩාංගනය අසළදී රිවෝල්වරයක් සහ හිස් පතොරම් කොපු දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කෙත්තාරාම ක්‍රීඩාංගනය අසළදී රිවෝල්වරයක් සහ හිස් පතොරම් කොපු දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

By Hashini De Mel

Sep 12, 2017 | 4:50 pm

කෙත්තාරාම ක්‍රීඩාංගනය අසළදී රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ හිස් පතොරම් කොපු දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඩිමෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස 39 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු පසුගිය දා ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේදී අහසට වෙඩි තබා ජනතාව බිය ගැන්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු බවට කරුණු අනාවරණවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

කෙත්තාරාම ක්‍රීඩාංගනය   ග්‍රෑන්ඩ්පාස්   ඩිමෙල්වත්ත   පතොරම්   මැල්වත්ත   රිවෝල්වරය