වැඩිහිටි කත සිටුවා තබා වැඩිහිටි අසුනේ සිටි තරුණයාට සිදු වූ දේ…. (VIDEO)

වැඩිහිටි කත සිටුවා තබා වැඩිහිටි අසුනේ සිටි තරුණයාට සිදු වූ දේ…. (VIDEO)

By Sagarika Chathumali

Sep 12, 2017 | 3:05 pm

‘පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කර ඇත’

‘ගැබිනි මව්වරුන් සඳහා වෙන් කර ඇත’

මෙම වාක්‍ය කණ්ඩ පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්නන්ට නිතර ඇස ගැටෙන්නකි.

එලෙස වෙන් කර ඇති අසුනක වෙනත් මගියෙකු ඉඳ ගත්ත ද පූජ්‍ය පක්ෂයේ අයෙකු හෝ ගැබිනි මවක රථයට නැගි විගස අසුනින් නැගිට එය පරිත්‍යාග කිරීම සාමාන්‍ය සිරිතයි.

එහෙත් ඇස් පෙනුණත් නොදුටුවා සේ, පූජ්‍ය අසුනේ හෝ ගැබිනි අසුනේ අසුන් ගෙන සිටින අතලොස්සක් ද අප සමාජයේ සිටිනා බව කිවමනා ය.

එය අප රටට පමණක් නොව චීනයට ද පොදු වූවක් බව තහවුරු වන වීඩියෝ දර්ශන පෙළක් චීන වෙබ් අඩවියක පළ කර තිබිණි.

‍වැඩිහිටියන් වෙනුවෙන් වෙන් කර තිබූ අසුනක අසුන් ගෙන සිටි තරුණයෙකු මුහුණ පෑ සිද්ධියක් එහි සටහන්ව තිබේ.

චීනයේ නැන්ජින් නගරයේදී වැඩිහිටි කාන්තාවක දුම්රියට ගොඩ වී ඇති අතර වැඩිහිටියන් සඳහා වෙන් කර තිබූ ආසනයේ තරුණයෙකු අසුන් ගෙන සිට ඇත.

අදාළ කාන්තාව අසුන ලබා දෙන ලෙස ඉල්ලීම් කළ ද අදාළ තරුණයා එය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් අවසානයේ අදාළ කාන්තාව එම තරුණයාගේ උකුලේ ඉඳගෙන ගමන් කළ ආකාරය වීඩියෝවේ දැක්වේ.

[youtube url=”https://www.youtube.com/watch?v=PRXMR1kxe1Y” width=”560″ height=”315″]