BREAKING : නි. අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ධුරයෙන් ඉවතට

BREAKING : නි. අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ධුරයෙන් ඉවතට

By Sagarika Chathumali

Sep 12, 2017 | 12:52 pm

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ධුරයෙන් ඉවත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එය අද දින සිට බලපැවැත්වෙන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත් කිරීම සිදු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.