මෙක්සිකෝ භූ කම්පනයෙන් මිය ගිය ගණන 90ක් දක්වා ඉහළට

මෙක්සිකෝ භූ කම්පනයෙන් මිය ගිය ගණන 90ක් දක්වා ඉහළට

By Sagarika Chathumali

Sep 10, 2017 | 5:43 pm

 

පසුගිය දා මෙක්සිකෝවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා මෙක්සිකෝවට බලපෑ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 8.1ක් ලෙසයි.

එරට ඔහාකා ප්‍රාන්තයට භූ කම්පනයේ දැඩි බලපෑම් එල්ල වූ අතර ඉන් මියගිය සංඛ්‍යාව 71කි.

භූ කම්පනයෙන් පසුකම්පන ඇති වේ යැයි බියෙන් සිය ගණනක් ජනතාව මහා මාර්ගවල කඳවුරු බැඳගෙන සිටී.

මෙක්සිකෝ භූ විද්‍යා සේවය පවසන්නේ, භූ චලනයෙන් පසු මූලික කම්පන 721වාර්තා වී ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙය සිය වසක් තුළ මෙක්සිකෝවට බලපෑ ප්‍රබලත ම භූ කම්පනය ලෙසිනි.

මේ අතර සිකුරාදා මෙක්සිකෝවේ නැගෙනහිර වෙරළ තීරයට කාටියා කුණාටුවෙන් ද බලපෑම් එල්ල වූ අතර මහ වැසි සමග පස්කඳු කඩා වැටීමෙන් පුද්ගලයින් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

_97737752_mudslide _97737722_epasearch _97737676_afpgettybelongings