ජේම්ස් ඇන්ඩර්සන් 500 වන ටෙස්ට් කඩුල්ල දවා ගනී

ජේම්ස් ඇන්ඩර්සන් 500 වන ටෙස්ට් කඩුල්ල දවා ගනී

By Chathuranga Rajapaksha

Sep 09, 2017 | 5:50 pm

එංගලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 500 වන ටෙස්ට් කඩුල්ල දවා ගත්තේය.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන 3වන ටෙස්ට් තරගයේදීය.

තරගය ලන්ඩන්හිදී පැවැත්වේ.

ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 500ක් දවාගත් එංගලන්ත කණ්ඩායමේ පළමු ක්‍රීඩකයා බවට ඉතිහාස ගත විය.

මේ අතර ටෙස්ට් කඩුලු 500ක් දවාගත් ලොව 6වන පන්දු යවන්නා මෙන්ම ලොව 3වන වේග පන්දු යවන්නා ද වේ.

ප්‍රතිසංස්කරණ කළ කිලිනොච්චිය, ගංගාදරන් ජනපදයේ මාර්ගය ගම්මැද්දනේ ජනතා අයිතියට

500 ටෙස්ට් කඩුල්ල   එංගලන්තය   ජේම්ස් ඇන්ඩර්සන්