පුහුණුවීම් කටයුතුවලට වඩා මානසිකත්වය හදාගන්න තමයි අපි කල්පනා කළේ – අවිශ්ක ගුණවර්ධන

පුහුණුවීම් කටයුතුවලට වඩා මානසිකත්වය හදාගන්න තමයි අපි කල්පනා කළේ – අවිශ්ක ගුණවර්ධන

By Chathuranga Rajapaksha

Sep 02, 2017 | 5:44 pm

හෙට තරගය සඳහා ක්‍රීඩකයින්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශයේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන පවසයි.

ඔහු මේ අදහස් පළ ක‍ළේ, අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

[quote]සූදානම් වෙන්න කියලා අපිට ලොකු කාලයක් නැහැ. අපිට ගිය තරගෙ ඉදලා දැන් වෙනකොට දවස් 2යි තියෙන්නේ. මම හිතන්නේ පුහුණුවීම් කටයුතු වලට වඩා මානසිකත්වය හදාගන්න තමයි අපි මේ දවස් දෙකේදී කල්පනා කළේ. කණ්ඩායම පුහුණුවීම් කටයුතුත් කරනවා. පුහුණුකරුවන් වශයෙන් තව දුරට ත් ඔවුන් එක්ක කතා කරලා ඔවුනගේ මානසික තත්ත්වය තව දුරට ත් ඉහල දාන්න තමයි බලන්නේ. බලමු අපි හෙට මොකද වෙන්නේ කියලා. අපි පොඩි පොඩි ටාර්ගට්ස් වගයක් දීලා තියෙනවා එගොල්ලන්ට. බලමු හෙට තරගයේදි මොකද වෙන්නේ කියලා.[/quote]

[youtube url=”https://www.youtube.com/watch?v=rheJ-Jhywgc&feature=youtu.be” width=”560″ height=”315″]

#SLvIND   5වන එක්දින තරගය   අවිශ්ක ගුණවර්ධන   ඉන්දියාව   ශ්‍රී ලංකාව