මීටරය අනිවාර්ය කළත් ගාස්තුවේ වෙනසක් නැහැ – ත්‍රීරෝද රථ සංගම්

මීටරය අනිවාර්ය කළත් ගාස්තුවේ වෙනසක් නැහැ – ත්‍රීරෝද රථ සංගම්

මීටරය අනිවාර්ය කළත් ගාස්තුවේ වෙනසක් නැහැ – ත්‍රීරෝද රථ සංගම්

කර්තෘ Chathuranga Rajapaksha

10 Sep, 2017 | 11:10 am

මීටර් සවි කිරිම අනිවාර්ය කෙරුණ ද ගාස්තුවේ වෙනසක් කිරිමට සැලසුම් කර නැතැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කේ.ජී. අල්විස් මහතා සඳහන් කළේ, ඒ අනුව උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා පළමු කිලෝමීටරය සඳහා රුපියල් 50 ක මුදලක් අය කෙරෙන බව ය.

වැඩිවන කිලෝමීටරයක් සඳහා අය රුපියල් 40 බැගින් අය කෙරේ.

රාත්‍රි 10 සිට උදෑසන 6 දක්වා කාල සීමාව තුළදී පළමු කිලෝමීටරයට අය කෙරෙන ගාස්තුව රුපියල් 57.50ක් වන අතර වැඩිවන කිලෝමීටරයක් සදහා රුපියල් 45 බැගින් අය කෙරේ.

ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ, නතර කර තැබීම සඳහා උදෑසන කාලයේ රුපියල් 2.50 ක් සහ රාත්‍රි කාලයේ රුපියල් 3 ක මුදලක් අය කෙරෙන බව ය.

නව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අප මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවෙන් විමසීමක් කළේය.

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේ, ඊට අදාළ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ය.

ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ සඳහා ටැක්සි මීටරයක් සවි කිරීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

නව ගැසට් නිවේදනයට අනුව මගියාගේ ඉල්ලීම පරිදි රිසිට් පතක් නිකුත් කළ යුතුයි.

එම රිසිට් පතෙහි ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, අය කළ ගාස්තුව සහ ලබාගත් දිනය ඇතුළත් විය යුතු වේ.

ගාස්තු මත පුද්ගලයින් හා භාණ්ඩ ප්‍රවාහනයේදී මගීන්ට පැහැදිලිව පෙනෙන ලෙස රියැදුරු අසුන පිටුපස, වාහනය ලියාපදිංචි අංකය, රියැදුරුගේ නම සහිත ලියාපදිංචි අංකය සහ රියැදුරුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]