පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ අර්ජුන් අලෝසියස්ගෙන් අද ත් පැය 3ක කටඋත්තරයක්

පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ අර්ජුන් අලෝසියස්ගෙන් අද ත් පැය 3ක කටඋත්තරයක්

කර්තෘ Hashini De Mel

10 Sep, 2017 | 7:26 pm

පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ අර්ජුන් අලෝසියස් මහතා අද සිව්වන දිනටත් ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණි තිබේ.

උදෑසන ‍10ට පමණ පැමිණි අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසමට සහය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට යළි ත් ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

පැය 3කට පසු පස්වරු 1.00 ට පමණ ඔහු පරීක්ෂණ පවත්වන කොම්සම් පරිශ්‍රයෙන් පිටව ගියේ ය.

අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන්නේ ජනාධිපති කොමිසමෙන් ඔහුට නොතීසි නිකුත් කිරීමෙන් අනතුරුවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]