අද ත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර වැසි

අද ත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර වැසි

අද ත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර වැසි

කර්තෘ Chathuranga Rajapaksha

09 Sep, 2017 | 8:40 am

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100 ත් 150 ත් අතර වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.

මේ අතර අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5 කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම තව දුරට ත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ නුවරඑළිය එම දිස්ත්‍රික්වන බව ය.

පවතින අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 7500 ක් පිඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයෙන් හා අත්තනගලු ඔය, දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් තව දුරටත් වාර්තා වන බව ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පැවසුවේ වර්ෂාවත් සමග ජලාශවල ජල මටට්ම සියයට එකකින් පහම ඉහළ ගොස් ඇති බව ය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි ඇද හැළුණ ද, විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාවක් ලැබී නොමැති බව විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 43.4 % ක්ව පවතින බව ය.

Issuing its weather forecast for today, the Met Department predicts that prevailing showers, particularly in the south western part of the island, are expected to continue. Cloudy skies can be expected.

Showers or thundershowers will occur at times in the Western, Southern, Sabaragamuwa, Central and North-western provinces.

Heavy rains (of around 100-150 mm) are expected at some places, particularly in the Western, Sabaragamuwa and Central provinces and in Galle and Matara districts.

Showers or thunder showers may occur in the Northern province during the morning and fairly heavy falls (about 75-100 mm) also expected at some places.

Similarly, showers may occur elsewhere particularly after 2.00 p.m. Fairly heavy rains (of around 75-100 mm) are expected, particularly in the Uva province and in Ampara and Batticaloa districts.

Fairly strong winds about 40-50 kmph can also be expected in the Southern province.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]