ශ්‍රී.ල.නි.ප.යේ 66 වන සංවත්සරයට සියල්ල සූදානම්: සාමාජිකයින් ප්‍රවාහනයට බස් රථ 2000කට අධික සංඛ්‍යාවක්

කර්තෘ Sakila Udayakumara

02 Sep, 2017 | 9:11 am

හෙට පැවැත්වෙන පක්ෂයේ 66 වන සංවත්සරය සඳහා සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු පැවසුවේ, ඊට දිවයින පුරා සියලු ම ආසන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බව ය.

සංවත්සරය වෙනුවෙන් සාමාජිකයින් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ 2000කට අධික සංඛ්‍යාවක් යොදවන බව ද මහ ලේකම්වරයා පැවසී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවේ, සංවත්සරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සියලු දෙනාට ආරාධනා කර ඇති බව ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය හෙට පස්වරුවේ කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිත ය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]