ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති

ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති

ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති

කර්තෘ Sakila Udayakumara

02 Sep, 2017 | 6:43 am

පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති.

නබිනායකතුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් – උල් – අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ, සමගිව එක්රැස් වෙමිනි.

සෞදියේ මක්කම පිහිටි අල්හා දෙවියන්ගේ ස්මාරක වන්දනා කිරීම හජ් උත්සව සමයේ මුස්ලිම් ජනතාව විසින් සිදුකරනු ලබයි.

හජ් වන්දනාව සඳහා මක්කම නගරයට ගොස් සිටින මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ, මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින් 3400ක් පමණ එක්ව සිටින බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]