නිදහස් පක්ෂ සංවත්සරයට බස් රථ ලබා දීමෙන් ලංගමයට රු. ලක්ෂ 80ක ආදායමක්

නිදහස් පක්ෂ සංවත්සරයට බස් රථ ලබා දීමෙන් ලංගමයට රු. ලක්ෂ 80ක ආදායමක්

නිදහස් පක්ෂ සංවත්සරයට බස් රථ ලබා දීමෙන් ලංගමයට රු. ලක්ෂ 80ක ආදායමක්

කර්තෘ Sakila Udayakumara

02 Sep, 2017 | 12:31 pm

නිදහස් පක්ෂ 66 වන සංවත්සරයට බස් රථ ලබා දීම මගින් රුපියල් ලක්ෂ 80ක ආදායමක් හිමිවී ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමණ මණ්ඩලය පවසයි.

එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී පී.ටී.ආර්.එස්. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, බස් රථ විශාල සංඛ්‍යාවක් එම පක්ෂය මගින් සාමාජිකයින් ප්‍රවාහනය සඳහා අයදුම් කර ඇති බව ය.

මේ අතර පක්ෂයේ 66 වන සංවත්සරය හෙට පස්වරුවේ කැම්බල් පිටියේ පැවැත්වීම සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]