උ/පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සිසුවාට විභාග දෙපාර්තමේන්තුවේ සියලු විභාග අහෝසි කෙරේ

කර්තෘ Chathuranga Rajapaksha

02 Sep, 2017 | 3:13 pm

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සිසුවාට විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන සියලු විභාග අහෝසි කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පැවසුවේ මෙවර උසස් පෙළ විභාගය ද ඔහුට අහෝසි වන බව ය.

මේ අතර ඉදිරියේදී තාක්ෂණික උපකරණ භාවිතයෙන් සිදුවන විභාග වාංචා වැළැක්වීම පිළිබඳව සොයා බැලීම සඳහා 8 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]