නීතිවිරෝධි දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලීමේ නිරතවන ධීවරයින් සොයා හම්බන්තොට මුහුදේ මෙහෙයුම්

නීතිවිරෝධි දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලීමේ නිරතවන ධීවරයින් සොයා හම්බන්තොට මුහුදේ මෙහෙයුම්

කර්තෘ Hashini De Mel

31 Aug, 2017 | 6:53 am

නීතිවිරෝධි දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් සහ පොකිරිස්සන් ඇල්ලීමේ නිරතවන ධීවරයින් සොයා වෙරළ ආරක්ෂක බලකාය සහ ධීවර පරීක්ෂක නිලධාරීන් ඊයේ මෙහෙයුමක නිරත විය.

ඒ හම්බන්තොට ධීවර වරාය කේන්ද්‍රකර ගනිමිනි.

හම්බන්තොට ධීවර වරාය ආශ්‍රීත මුහුදේ කොරල්පර ආශ්‍රීතව මසුන් ඇල්ලීම බහුලව සිදුවන බවට චෝදනා නැගෙන අතර තහනම් ආම්පන්න යොදා ගැනීම හේතුවෙන් කොරල්පර විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බව වෙරළ ආරක්ෂක නිලධාරීන් සඳහන් කළහ.

මෙම මෙහෙයුමේදී තහනම් දැල් ආම්පන්න භාවිත කළ ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

අද සිට කටු පොකිරිස්සන් ඇල්ලීම, ළග තබාගැනීම, ආහාර සඳහා ආපනශාලාවල තබාගැනීම හා විකිණීම සම්පූර්ණයෙන් ම තහනම්බව හම්බන්තොට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර ධීවර අධ්‍යක්ෂ එස්. එච්. චන්දන මහතා පැවසුවේ ය.