විද්‍ය සමූහ දුෂණය කර ඝාතනය කිරීමේ නඩුව: විත්තිකරුවෝ 3ක් චෝදනා ප්‍රතික්ෂේප කරති

විද්‍ය සමූහ දුෂණය කර ඝාතනය කිරීමේ නඩුව: විත්තිකරුවෝ 3ක් චෝදනා ප්‍රතික්ෂේප කරති

කර්තෘ Sagarika Chathumali

29 Aug, 2017 | 9:52 pm

යාපනයේ පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සිවලෝගනාදන් විද්‍ය දැරිය සමූහ දුෂණයට ලක්කර ඝාතනය කිරීමේ නඩුවට අදාළ විත්තිකරුවන්ගේ සාක්ෂි සටහන් කිරීම යාපනය මහාධිකරණයේදී අද අවසන් කෙරිණ.

මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් සෂි මහනේද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනණ.

නඩුවේ 7 වන 8 වන සහ 9 වන විත්තිකරුවෝ අද සාක්ෂි දුන්හ.

යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරින් සෙන්දිල්නාදන් මයුරන් මහතාගෙන් අද යළිත් සාක්ෂි සටහන්කරගෙන තිබේ.

ඝාතන නඩුවේ ප්‍රධාන විත්තිකරු වන ස්විස් කුමාර්ගේ බිරිඳ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ, සිද්ධිය සිදුවූ දිනයේ සිය සැමියා  තමන් සමග කොළඹ ලැගුම්හලක සිටි බවයි.

2015 මැයි මස 17 වන දින පුන්කුඩුතිව් ප්‍රදේශයට යමින් සිටි තමන් වේලනෙයි ප්‍රදේශයේ ජනතාව කණුවක බැඳ පහරදුන් බව ස්විස් කුමාර් අද අධිකරණය හමුවේ කියා  සිටියේ ය.

එදින රාත්‍රියේ අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තමන් ඔවුන්ගෙන් මුදා ගැනීමට කටයුතු කළ බව ද විත්තිකරු ප්‍රකාශ කළේ ය.

ඇය එසේ කිරීමට හේතුව ඇයගෙන්ම  විමසිය යුතු බවත් විත්තිකරු කියා සිටියේ ය.

උප පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් මහතා තමන් යාපනය පොලීසියට කැඳවා ගොස් පසුව නිදහස් කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

තමන් කොළඹට පලා නොගිය බවත් පොලීසිය නිදහස් කිරීමෙන් අනතුරුව එහි ගිය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

අද දින සාක්ෂි දුන් සියලු විත්තිකරුවෝ තමන් හට එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කළහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]